ලොව වයස්ගතම පුද්ගලයා 117 වන ජන්ම දිනය සමරයි

මේ වන විට ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජපන් ජාතික කාන්තාවක්.
ඇය පසුගියදා තම 117වන ජන්ම දිනය සැමරනු ලැබුවා.
ජපාන ජාතික කානේ ටනාකා ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා වනවා.
ඇගේ 117වන ජන්ම දිනය වෙනුවෙන් දකුණුදිග ෆුකුවෝකා ප්රදේශයේ පිහිටි සාත්තු නිවාසයකදී පසුගියදා උත්සවයක් සංවිධාන කර තිබුණා.
උත්සවය සඳහා ටනාකාගේ පවුලේ සාමාජිකයන්, හිතමිතුරන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.
එහිදී උපන්දින කේක් ගෙඩියක් කපා ඥාති හිතමිතුරන් ටනාකාට සුබ පැතුම් එක් කළ බව සදහන්.
මෙම උපන්දින සාදය එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කිරීමටත් කටයුතු කර තිබෙනවා.
1922 වර්ෂයේදී හිදෙඕ ටනාකා සමඟ විවාහවූ කානේ ටනාකාට දරුවන් සිව් දෙනෙක් සිටිනවා.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ඇය ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීවේ පසුගිය වර්ෂයේයි.
මේ වන විට ජපානයේ වයස්ගත ජනගහණය සීඝ්රයෙන් ඉහළ යමින් ඇති අතර ටනාකාගේ මෙම වාර්තාවද ඒ බව පිළිබිඹු කෙරෙන නිදර්ශනයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.