ඉන්දියානු ‘නිරීක්ෂක්’ නෞකාව ඊයේ ත්‍රිකුණාමලය වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ඊයේ ත්‍රිකුණාමලය වරායට සේන්දු වී ඇත්තේ පුහුණු සංචාරයක් සඳහායි. නාවික හමුදාව සඳහන් කළේ, ලබන මස 03 වනදා දක්වා එම නෞකාව මෙරට රැඳී සිටින බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගැනීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් බී.කේ ප්‍රසාන්ත් හා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් ද සිදු විය. නාවික හමුදාව පැවසුවේ, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු වූ බවයි.