බංග්ලාදේශ – ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය දිවා රාත්රී ටෙස්ට් ක්රිකට් තරගයක් ලෙස අද කොල්කටා හිදී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර දිවා රාත්රී ටෙස්ට් තරගයක් පැවැත් වෙන්නේ පළමු වරටයි. ඒ අනුව ඔවුන් තරග වදින් මංගල දිවා රාත්රී තරගය වන්නේ මෙයයි. දෙරට අතර පැවැත්වෙන පළමු දිවා රාත්රී ටෙස්ට් තරගය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සිය පෙර පුහුණු වීම් වල නිරත වුණි. එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශක ඩැනියෙල් විටෝරි සඳහන් කළේ රාත්රීයේ ක්රීඩා කිරීම කණ්ඩායම දෙකටම විශාල අභියෝගයක් වන බවයි. ඉන්දීය ක්රිකට් සභාපති සෞරව් ගංගුලි හෙට තරගය සඳහා යොදා ගන්නා තණතීරුවේ තත්වය පිළිබඳ පරීක්ෂා කිරීමට කටයතු කළේය. ඒ අනුව දෙරට අතර පැවැත් වෙන පළමු දිවා රාත්රී ටෙස්ට් ක්රිකට් තරගය අද පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි.