වායු දූෂණය හේතුවෙන් ලෝකය ඉදිරියේ ඉන්දියාව හාස්‍යයට ලක්වෙලා – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, වායු දූෂණය හමුවේ ඉන්දියාව ලෝකයේ හාස්‍යයට ලක්ව ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශ කළේ, එරට උග්‍ර වායු දූෂණ තත්ත්වය මර්ධනය කිරීමට ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය අපොහොසත්වීම තරයේ විවේචනය කරමින් ය. දූෂිත වායු ආග්‍රහණය කරමින් මෙලෙස මිනිසුන්ට විඳවීමට සැලැස්වීමට වඩා පුපුරණ ද්‍රව්‍ය පිර වූ බෑග් 15 ක් යොදාගෙන ඔවුන් එකවර ඝාතනය කිරීම යහපත් නොවන්නේදැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ඊයේ මධ්‍යම රජයෙන් අසා සිටියේ ය. උතුරු ඉන්දියාව සති කිහිපයක සිට දූෂිත වායුවලින් වැසී පවතින අතර දිල්ලියේ වායු ගුණාත්මකභාවය ද අවදානම් අයුරින් පහළ වැටී තිබේ. ඉදිරි සතිවල දිල්ලියට වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඉන්පසු මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවට මත පළ වේ.