පෙරළිගිය බයිසිකලයෙන් දිවි බේරා ගත් තරුණයාව මෝටර් රථය බිලි ගනී

149 Views
Generic placeholder image

කාන්තාවක්‌ පැදවූ මෝටර් රථයකට යටවීමෙන් බොරළුගොඩ, පෝරුවදණ්‌ඩ ප්‍රදේශයේදී පෙරේදා (28 දා) සවස තරුණයකු ජීවිතක්‌ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස්‌ ඇත්තේ පෝරුවදණ්‌ඩ, කොස්‌හේන පදිංචි ගයෂාන් විමුක්‌ති විඡේතිලක නම් 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධියෙන් මියගොස්‌ ඇති තරුණයා තවත් මිතුරන් දෙදෙනකු ද සමඟ යතුරුපැදි දෙකකින් හොරණ සිට ඉංගිරිය දෙසට පැමිණ ඇති අතර, එම යතුරුපැදි දෙක එකිනෙක පැටළීමෙන් පෙරළී තිබේ.

ඒ මොහොතේ ඉංගිරිය සිට හොරණ දෙසට යැමට පැමිණි මෝටර් රථයක්‌ මෙම තරුණයාගේ සිරුර මතින් ගමන් කර ඇති අතර, ඔහු සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස්‌ තිබේ. අනෙක්‌ තරුණයන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, මෝටර් රථය පැදවූ කාන්තාව ද අධික රුධිර පීඩනය හේතුවෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ මෙහෙයවයි.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka