පණපිටින් වැළලු මහා ඇලෙක්සැන්ඩර් මියගියේ මැලේරියාව රෝගයෙන් නෙවෙයිලු

ඔහු ඉතිහාසයේ උන් විශිෂ්ටතම යුදකාමීන්ගෙන් කෙනෙකි. ඔහුගේ කෙටි ජීවිත කාලය තුළදී ලෝකයෙන් අඩක් පමණම යුද්ධයෙන් තමන් යටතට පත් කරගත් සෙන්පතියා ඔහුය. ඔහු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාය.
පැරැන්නන්ට ඔහු පරම වීරයෙකි. දුර්ලභ නිර්භීත බවකුත්, අතිමහත් ධෛර්යයකුත් තිබුණු මේ යොවුන් අධිරාජ්‍යයා තම සතුරන්ට පවා ත්යාගශීලීී වූ බවද, මිතුරන්ට බෙහෙවින් ලෙංගතු වූ බවද කියවෙයි. එමෙන්ම ඔහුගේ චරිතයේ අඳුරු, දරුණු පැතිකඩක් ගැනද පැතිිරුණු කතා එමටය.
ඇලෙක්සැන්ඩර් කුමරු ඉපදෙන්නේ ක්‍රි. පූ. 356 දී, මැසිිඩෝනියාවේ උතුරු ග්රීසිියේ රජු වූ දෙවන පිලිප් රජුගේ පුත්‍රයා ලෙසය. කුඩා වියේදී ඔහුු අධ්‍යාපනය ලබන්නේ මහා දාර්ශනික ඇරිස්ටෝටල් පඬිවරයාගෙනි. ඉන් පසු ක්‍රිස්තු පූර්ව 336 දී පිලිප් රජු ඝාතනය වීමෙන් පසුව, ඇලෙක්සැන්ඩර් කුමරු මැසිඩෝනියාවේ පාලකයා බවට පත් වෙයි.
ඉතිහාසයේ විශිෂ්ටතම යුද කාමියෙකු වූ ඇලෙක්සැන්ඩර් රජු තම යුද වික්‍රමයන් වලින් රටවල් යටත් කරගනිමින්, පැරණි ලෝකයේ විශාලතම අධිරාජ්‍යය නිර්මාණය කරගන්නේ ඔහුට වයස අවුරුදු විසිපහක් තරම් අඩු වයසකදීය. ඔහුගේ අධිරාජ්‍යය මහද්වීප තුනකට අයත්, වර්ග සැතපුම් මිලියන දෙකක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණුු එකක් වීය. ඔහුට මිනිසුන් කොතරම් පක්ෂපාතී වූයේද යත්, ඔහු පෙන්වන ඕනෑම මාර්ගයක යන්නටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී ඔහු වෙනුවෙන් දිවි පුදන්නටත් ඔවුන් සූදානම්ව සිටියහ.
අඩු වයසින්ම ලෝකයම ජය ගන්නට හැකියාව තිබුණු ඔහුට, අඩු වයසින්ම ජීවිතය හැර යන්නටත් සිදු විය. ඔහුගේ අගනුවර බවට පත් කරගන්නට සැලසුම් කර තිබුණු බාබිලෝන්හිදී ඔහු මිය යන්නේ ඔහුට වයස අවුරුදු 32 ක්ව තිබියදීය.
වයස අවුරුදු 32 වන විට ඔහු බෝල්කන් සිට නූතන පාකිස්තානය දක්වා තම අධිරාජ්‍යය පුළුල් කොට ගෙන තිබුණුු අතර, තවත් රටක් ආක්‍රමණය කරන සටනක් අවසානයේදී ඔහු ගිලන් වූයේය. දින දොළහක් තිස්සේ දැඩි වේදනාවකින් විඳවමින් උන් ඔහු අවසානයේදී මිය ගියේය.
දින හයක් යන තුරුම ඔහුුගේ මළ සිරුර කුණු වෙන්නට පටන් ගෙන නොතිබිණ. මැසිඩෝනියානු වැසියන් මෙය සැලකුවේ ආශ්චර්යයක් ලෙසිනි. තමන්ගේ අසහාය යුද වීරයා දේවත්වයට පත්ව ඇතැයි ඔවුහු විශ්වාස කළහ.
ඔහුගේ මරණයට හේතුව කුමක්දැයි නිශ්චිත වශයෙන් තීරණය කොට තිබුණේ නැත. එතෙක් මෙතෙක් ඉතිහාසඥයන් විසින් මරණයට හේතුව කුමක් විය හැකිදැයි සොයා බැලූහ. ඒ ගැන විවිධ මත ඉදිරිපත් විය. මරණයට හේතුව මැලේරියාව හෝ උණ සන්නිපාතය විය හැකි යැයි ඇතැමුන් කී අතර, මත්පැන් විෂ වීමෙන් මරණය සිදු විණි යැයි හෝ සතුරු පාර්ශ්වයකින් වස දීමකින් එය සිදුවිණි යැයිද මත ඉදිරිපත් විය.
ශත වර්ෂ ගණනාවක් තිස්සේ නොවිසඳුණු මේ ගැටලූවට පිළිතුරු තමන් සතුව ඇති යැයි දැන් නවසීලන්තයේ සෞඛ්‍ය විද්‍යා පර්යේෂක ආචාර්ය කැතරින් හෝල් පවසන්නීය. ඔවුන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මිය ගොස් ඇත්තේ දුර්ලභ ගණයේ ස්නායු රෝගී තත්ත්වයක් නිසාය.
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා Guillain-Barré Syndrome (GBS) නම් වූ ස්නායු අක්රමිකතාවයෙන් රෝගී වී ඇති අතර එම රෝගය විසින් ඔහුගේ මරණය සිදු කරන්නට ඇතැයි සිතන්නට ප්‍රමාණවත් කරුණු කාරණා ඇතැයි ආචාර්ය කැතරින් හෝල් කියයි.
ආචාර්ය කැතරින් පවසන අන්දමට Guillain-Barré Syndrome (GBS) යනු කලාතුරකින් කෙනෙකුට වැලඳෙන, ස්වභාවික ප්‍රතිශක්තිය විසින් ස්නායු මරා දමන රෝගයකි. එය යමෙකුගේ ශරීරය අභ්‍යන්තරයෙන් විනාශ කරන්නකි.
ආචාර්ය කැතරින් හෝල්ගේ පර්යේෂක කණ්ඩායම ඓතිහාසික මූලාශ්‍ර ඇසුරෙන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ රෝග ලක්ෂණ නිර්ණය කරන්නේ මෙසේය.
”ඔහුගේ රෝගය ආරම්භ වෙන්නේ ඔහු අධිකව වයින් බීපු කර්කෂ රාත්‍රියකින් පස්සේ. ඔහු පහුවදා උදේ අධික වෙහෙසක් ගැනත්, ශරීරයේ වේදනාවන් ගැනත් කියනවා.
එයින් දවසකට පස්සේ දැඩි උදරයේ වේදනාවක් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට ඇති වෙනවා. ඒ අතරේ අධික උණක් ඔහුගේ ශරීරය ආක්‍රමණය කරනවා. අධික වේදනාව නිසා ඔහු ඇඳටම සීමා වෙනවා. අට වෙනි දවස වෙන විට ක්‍රමයෙන් ඇහිපිය ගැසීම ඇරෙන්නට වෙනත් ශාරීරික චලනයක් කළ නොහැකි තත්ත්වයට පත් වෙනවා. ටිකෙන් ටික ඔහුගේ සියලූ මාංශපේශීන් අක්‍රිය වෙමින් යනවා.
එකොළොස් වන දිනය වෙන විට ඔහුගේ මාංශ පේශීන් කොතරම් අක්‍රියව ගොස් තියෙනවාද කිව්වොත් ඔහු හුස්ම ගන්නා බවවත් වෛද්‍යවරුන්ටවත් දැනගත හැකි වෙන්නේ නෑ. ඒ නිසා එකොලොස් වෙනි දිනයේදීද මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මිය ගිය බව ප්‍රකාශයට පත් කෙරෙනවා.
තවත් දින හයක් ගත වෙනතුරුම ඔහුගේ සිරුර නරක් වෙන සලකුණක්වත් නෑ. මිනිස්සු ඒක ආශ්චර්යයක් කියලා හිතුවත්, එයට හේතුව තමයි ඒ වන විටත් ඔහු මිය ගොස් සිටියේ නැති වීම.
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිරුර මිහිදන් කරන්නට සූදානම් කරන කොටත් ඔහු ජීවතුන් අතර..”
ආචාර්ය කැතරින් පවසන අන්දමට මේ රෝගය ඇතිවෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ස්නායු පද්ධතිය බිඳ හෙලීම නිසාය. මෙයින් රෝගියා ක්‍රම ක්‍රමයෙන් අප්‍රාණික තත්ත්වයට පත් කරවයි. වර්තමානයේ එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙම රෝගයෙන් පෙළෙන රෝගීන් 100,000 ක් පමණ වෙයි.
මෙම රෝගය ඇති වෙන්නේ උදරයේ ඇති වෙන බැක්ටීරියා ආසාදන තත්ත්වයකින් වන අතර මෙයින් මොළයට බලපෑමක් වෙන්නේ නැත.
”මේ නිසාම ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සිරුර මිහිදන් කරන්නට සූදානම් කරන අවස්ථාවේ වුණත් ඔහු ඉන්නට ඇත්තේ ගැඹුරු කෝමා තත්ත්වයක. ඒ නිසා ඔහුගේ මරණය, වැරදි රෝග විනිශ්චයකින් සහ මිය ගිය බවට වැරදි ලෙස තීරණය කිරීමකින් සිදුවුණු මරණයක්.. මේ ගැන කතිකාවතක් ඇති වේ යැයි මං බලාපොරොත්තු වෙනවා.. එමගින් ඉතිහාසය ආයෙමත් වෙනස් වෙලා ලියවේවි..” ආචාර්ය කැතරින් පවසයි.
මහ මග යදින දුගියාට, රටක් කරවන රජෙකුට පමණක් නොව ලෝකයක් දිනූ අධිරාජ්යයෙකුටත් අටලෝ දහමින් සැලකුම් ලැබෙන්නේ එක සමානව බව පවසමින් ඉතිහාසයේ සැඟවී ගිය රහසක් එලෙසින් අනාවරණය විය.
නිම්මි මුදිතා හේරත්