තරඟය ජය ගන්න තුරු නින්ද ගියේ නැති ක්‍රීඩකයාගේ කතාව

95 Views
Generic placeholder image

ශ‍්‍රී ලංකාවට අවසන් දිනයේදී කඩුලූ තුනක් අතැතිව ලකුණු 75 ක් ජයග‍්‍රහණයට අවශ්‍යව තිබු බැවින් තරගයේ තීරණය දෙපිළටම විවෘතව තිබුණි. එබැවින් එංගලන්ත නායක ජෝ රූට් පෙරදා රාත‍්‍රියේදී නොනිදා පහන් කළ බවද තරගයෙන් අනතුරුව පවසයි.

‘‘තරගය මොකක් වෙයිද කියලා මම ? කල්පනා කරමින් හිටියේ. ඒ නිසා මට හරියට නින්ද ගියෙත් නැහැ. කොහොම වුණත් අපේ තරුණ කණ්ඩායම මේ තරගාවලිය ජය ගැනීම ගැන විශේෂයෙන් සතුටට පත්වෙනවා.’’

එංගලන්ත කණ්ඩායම වසර 17 කට පසුව ශ‍්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබේ. නමුත් මේ තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාවේදී තරග කරමින් අත්දැකීම් ඇති එකම පිතිකරුවා වූයේ ඇන්ඩ‍්‍රසන් පමණි. ‘‘මට ලැබිලා ඉන්නෙ තරුණ කණ්ඩායමක්. මේ කණ්ඩායමේ ශ‍්‍රී ලංකාවේදී ජාත්‍යන්තර තරග ක‍්‍රීඩා කරලා තියෙන්නෙ ජේම්ස් ඇන්ඩ‍්‍රසන් පමණයි.

නමුත් අපේ තරුණ කොල්ලො ටික සෑහෙන්න දියුණු වෙලා.’’ යැයි එංගලන්ත නායකයා වැඩිදුරටත් පැවසීය.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka