ජිවිතයට පරිඝනකයක් අල්ලා නැති ඩිජිටල් ඇමති

91 Views
Generic placeholder image

ජපානයේ සයිබර් ආරක්‌ෂණ කටයුතු භාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයකින් එරට වැසියෝ මවිතයට පත්ව සිටිති. ඔහුගේ එම මවිතය දනවනසුලු ප්‍රකාශයෙන් කියවුණේ, තමන් කිසි දිනෙක පරිගණකයක්‌ භාවිත කර නොමැති බවය. යොෂිතාකා සකුරදා මේ ප්‍රකාශය කර ඇත්තේ, මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගි වී සිටි කමිටු රැස්‌වීමකදීය. “මම වයස අවුරුදු 25 ඉඳලා මගේ කාර්ය මණ්‌ඩලය සහ ලේකම්වරුන් යෙදවීමෙන් තමයි වැඩ කළේ. මගේ ජීවිත කාලය තුළදී මම පරිගණකයක්‌ පාවිච්චි කරලා නැහැ.” යනුවෙන් ඔහු පැවසූ බව ජපානයේ ණහදාද පුවත් ඒජන්සිය වාර්තා කළේය. 68 හැවිරිදි යොෂිතාකා සකුරදා එම ධුරයට පත් කරන ලද්දේ, පසුගිය මාසයේදීය. ඔහුට පැවරී ඇති ප්‍රධානතම රාජකාරියක්‌ වන්නේ, ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික්‌ උළෙලට අදාළ සයිබර් ආරක්‌ෂණ ක්‍රියාවලිය අධීක්‌ෂණය කිරීමයි. අදාළ කමිටු රැස්‌වීමේදී ජපානයේ විපක්‌ෂය වන ඩිමොක්‍රටික්‌ පක්‌ෂයේ මන්ත්‍රී මසතෝ ඉමායි නැගූ ප්‍රශ්නයකට අමාත්‍ය යොෂිතාකා සකුරදා දුන් පිළිතුරට විමතිය පළ කර තිබේ. “සයිබර් ආරක්‌ෂාව ගැන වගකිය යුතු පුද්ගලයෙක්‌ පරිගණකයක්‌ පාවිච්චි කරල නැහැ කියන එක විශ්වාස කරන්නත් අමාරු දෙයක්‌” විපක්‌ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය. එහෙත්, ඊට පිළිතුරක්‌ ලෙස සයිබර් ආරක්‌ෂණ අමාත්‍යවරයා පවසා ඇත්තේ, තමන්ගේ නිලධාරීන්ට සයිබර් ආරක්‌ෂණය සම්බන්ධයෙන් අවශ්‍ය පළපුරුද්දක්‌ ඇති හෙයින් කිසිදු ගැටලුවක්‌ ඇති නොවන බවට තමන්ට විශ්වාසයක්‌ ඇති බවය. කෙසේ වෙතත්, ජපානයේ න්‍යෂ්ටික බලාගාරවල ඹීඊ මෙවලම් භාවිත කරන්නේ ද යන්න පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දීමට අමාත්‍යවරයාට නොහැකි වී තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විශාල වශයෙන් ප්‍රතිචාර පළ වී තිබූ අතර ඇතැමකු ඒ පිළිබඳව මවිතය පළ කර තිබූ අතර තවත් පිරිසක්‌ උපහාසාත්මක අදහස්‌ පළ කර තිබිණි. එක්‌ සටහනක දක්‌වා තිබුණේ, “අඩු තරමින් සකුරදා ඇමැති සයිබර් ප්‍රහාරයකට හසු කර ගැනීමට නොහැකි” බවය.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka