කෝටී 700 එක්ක මාතර මල්ලි කොටුවේ

31 Views
Generic placeholder image

පන්නිපිටිය ඇරැව්වල අරලියපුර කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී රුපියල් කෝටි 700 ක් වටිනා දියමන්ති සහ මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධියේ තවත් ප‍්‍රධාන සැකකරුවකු වන ‘මාතර මල්ලී’ නමැත්තා පෙරේදා (01 දා* මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් රත්මලාන මැලිබන් හන්දිය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලද තොරතුරක් මත මැලිබන් හන්දිය ඉන්ධන පිරවුම්හල අසලදී අත්අඩංගුවට ගත් සැකකරු මාතර රොටුඹ ප‍්‍රදේශයේ පදිංචි ‘මාතර මල්ලී’ නමින් ප‍්‍රසිද්ධ 38 හැවිරිදි අයකු වේ. දියමන්තිය සහ මැණික් ගල් මංකොල්ලකෑමට පැමිණි දින නිවෙස් හිමියාට ගිනි අවියකින් පහරදී තුවාල සිදුකර එම අවස්ථාවේ දියමන්ති හා මැණික් මිලදී ගැනීමට පැමිණි විදේශිකයකු පැහැර ගෙන ගොස් මහරගම ප‍්‍රදේ්ශයේ දමා යෑමට මෙම සැකකරු සම්බන්ධ වී ඇති බවට හෙළිකරගෙන තිබේ. මෙම මංකොල්ලය සඳහා යතුරුපැදියකින් දෙදෙනෙක් සහ වෑන් රථයකින් සිවුදෙනකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන අතර ‘මාතර මල්ලී’ නමැත්තා අත්අඩංගුවට ගැනීමට පෙර මෙම සිද්ධියට ඔරුවල ‘ඉන්දික නාලක’ නමැත්තෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම මංකොල්ලය සිදුකිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 50 ක් ලබාදෙන බවට ‘මාකඳුරේ මධූෂ්’ නමැත්තා චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ තමා සමග කතාකර පිළියන්දල ප‍්‍රදේශයෙන් මංකොල්ලයට යෑම සඳහා වෑන් රථයට ගොඩවූ බව පවසා ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට ගෙන ඒමටත් පෙර සහ ගෙන ඒමෙන් පසුවත් මානව හිමිකම් සංවිධානවල නියෝජිතයන් සහ ඇතැම් නීතිඥයන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට දැඩි උනන්දුවක් දක්වමින් තිබූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම මංකොල්ලය සිදුවූ දින විදේශිකයකු දියමන්ති සහ මැණික් ලබා ගැනීමට පැමිණ සිටියදී පැහැරගෙන යෑමක් සිදුවූ බවට ප‍්‍රකාශ වුවත්් එම විදේශිකයාද මෙම මංකොල්ලයට සම්බන්ධ වී ඇති බවට පොලිසිය සැකකර ඇත. ඔහුද මංකොල්ලය සිදුවූ දිනට පසු දිනම විදෙස්ගතවී තිබෙන අතර ඔහු මංකොල්ලයට පෙර අවස්ථාවක දියමන්ති සහ මැණික් දැකබලා ගැනීමට පැමිණ පසුව ඒවා මිලදී ගැනීමට පැමිණෙන බව ව්‍යාපාරිකයාට පවසා පිටව ගොස් මංකොල්ලය සිදුවූ දින ඒවා මිලදී ගැනීමට පැමිණීම ගැන පොලිසියට මෙම සැකය මතුවී තිබේ. මෙම මංකොල්ලය සම්බන්ධයෙන් පොලිසියට වැදගත් තොරතුරු රැුසක් හෙළිවී තිබෙන අතර මංකොල්ලකෑ දියමන්තිය හා මැණික් තොගය ඩුබායිහි සැ`ගව සිටින පාතාල නායක ‘මාකඳුරේ මධූෂ්ට’ ලබාදී ඇතැයි ද තොරතුරු ලැබී ඇත.

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප‍්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්‍ෂණයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන (20553 මැන්ඩිස්, (51951 සුනිල්, (402248 ප‍්‍රසන්න, (14530 සිසිර, පොලිස් කොස්තාපල්වරුන් වන (77688 අමිල, (81600 සමීර, (10350 නලින්ද (72338, (61160 දයාරත්න (21284 බණ්ඩාර යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකර අද (03 දා දින නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka