ඒ ළමයා මුලින්ම ඇවිත් කිව්වා තෝ අද මරනවා, ඉන්ටවල් වෙනකං හිටපිය කියලා – රවිදු මාධ්‍යට සියල්ල කියයි

64 Views
Generic placeholder image

 

පොලිසියෙන් සාධාරණයක්‌ වුණේ නැති නිසා තමයි මේ ගැන අපි පත්තරේට කියන්නේ 

කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලබන තම පුතු හට, දින කීපයක සිට මරණ තර්ජනය කර, පසුව පාසල තුළදී දරුණු ලෙස පහර දී එක්‌ අතකට බරපතළ හානි සිදු කළ, එම විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබන සිසුවකු සම්බන්ධයෙන්, කැබිතිගොල්ලෑව පොලිසිය නිසි ක්‍රියා මාර්ගයක්‌ නොගෙන පක්‍ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බව පහරකෑමට ලක්‌වූ සිසුවාගේ දෙමවුයෝ පවසති. පසුගිය 23 වැනිදා පාසලේ තවත් සිසුවකුගේ පහර කෑමට ලක්‌ව මෙලෙස කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර, ඉන් අනතුරුව වව්නියාව රෝහලට ඇතුළත් කර තිබුණේ, කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලැබූ, රවිඳු විශ්ව බස්‌නායක 11 නැමැති සිසුවෙකි.
“පහර කෑමට ලක්‌වූ රවිඳු බස්‌නායක සිසුවා සිදුවීම සම්බන්ධයෙන් මෙසේ කීවේය. එදා උදේ මමයි කවීෂයි විද්‍යාව විභාගයට ඉස්‌කෝලේ ඇතුලේ පාඩම් කර කර හිටියේ, ඒ වෙලාවේ ගහපු ළමයා මුලින්ම ඇවිත් කිව්වා තෝ අද මරනවා, ඉන්ටවල් වෙනකං හිටපිය කියලා. ඊට පස්‌සේ ටික වෙලාවක්‌ ඉන්නකොට පිටිපස්‌සෙන් දුවගෙන ඇවිත් මගේ ඇඟට පැන්නා. මම වැටුනට පස්‌සේ මගේ අතක්‌ එයා කකුල තියලා පාගලා අතින් ඇදලා ඒ අත කඩන්න හැදුවා. ඊට පස්‌සේ ඩෙස්‌ එකකට නැගලා මගේ ඇඟට පැන්නා. එයාගේ තවත් යාළුවෙක්‌ ඒ වෙලාවේ ගේට්‌ටු වහගෙන හිටියා, ළමයින්ට ඒ පැත්තට එන්න නොදී. ඒ වුනාට ළමයි කොහොම හරි දැකලා මිස්‌ලට කියලා මම වැටිලා ඉන්නවා කියලා, පස්‌සේ ඒ මිස්‌ලා ඇවිත් ඉක්‌මණින් මාව කැබිතිගොල්ලෑව රෝහලට අරගෙන ගියා. ඊට පස්‌සේ වව්නියාව රෝහල අරන් ගියා.” මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ එම සිසුවාගේ මව වන ධම්මිකා කුමුදුනී (33) මහත්මිය “පසුගිය 23 දා තමයි මගේ පුතාට පහර දීලා තිබුණේ, පොලිසියෙන් සාධාරණයක්‌ වුණේ නැති නිසා තමයි මේ ගැන අපි පත්තරේට කියන්නේ, ලොකු මහත්තයෙක්‌ හරි දැකලා අපිට සාධාරණයක්‌ වෙයි කියලා හිතනවා. කට උත්තර දෙන්න ගියාට පස්‌සේ කට උත්තරය ලියන මහත්තයට, පහරදීම කරපු ළමයගෙ මාමා කෙනෙක්‌ ඇවිත්, සැරින් සැරේට පෝන් එක දෙනවා. මැඩම් කතා කරනවා කියලා. පහරදුන් ළමයාගේ ඥාති කෙනෙක්‌ කැබිතිගොල්ලෑව පොලිසියේ සේවය කරනවා. එයා සැරින් සැරේ ඇවිත් සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපතිට මොනවද කියලා එළියට යනවා.

පොලිසියෙ එක්‌ නිලධාරියෙක්‌ කිව්වා දැන් හරි අපිට යන්න කියලා, තවත් නිලධාරියෙක්‌ ඇවිත් ඉන්න කිව්වා. බැරිම තැන ගොඩක්‌ වෙලා ඉඳලා අපි යන්නද කියලා ඇහුවම, තමුසෙට ඕන නම් යනවා, ඕනේ නම් ඉන්නවා, කියලා කිව්වා. පැමිණිල්ල ලියා ගත්ත පොලිස්‌ කාන්තා නිලධාරිනියක්‌ද අපිට බැණ වැදුනා. මේ වෙන කොට මගේ පුතාට විතරක්‌ නෙවේ, මේ ළමයා පාසලේ ගොඩාක්‌ සිසුන්ට පහර දීලා තියෙනවා. සමහර සිසුන්ගේ ඇස්‌වල කොච්චි මිරිස්‌ ගාලා තියෙනවා, සමහර ළමයින්ගේ කොන්ඩේ කපලා තියෙනවා. මගේ දරුවගේ අතක්‌ කඩලා හානි වෙලා. හදිසියේ හෝ ජීවිතය නැති වුණා නම් අපිට ඉඳලා වැඩක්‌ තියෙනවද? එහෙම වුණත් පොලිසිය ස්‌වාධීනව කටයුතු කරයිද කියලා හිතා ගන්න බැහැ. මෙහිදී අදහස්‌ දැක්‌වූ දරුවාගේ පියා වන ජගත් රවින්ද්‍ර බස්‌නායක (43) – zzඅපි මේ සම්බන්ධයෙන් කට උත්තරයක්‌ දෙන්න පොලිසියට ගියාට පස්‌සේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති කට උත්තර ගත්තේ, පොලිසියේ රාජකාරිය කරන පහරදුන් ළමයාගේ කිරිඅත්තා කියන විදියටයි. ළමා කටයුතු අංශයේ ඉන්න පොලිස්‌ නිලධාරිනිය අපි කියන දේවල් ගණන් ගත්තේ නෑ. අපි කියන සමහර දේවල් සටහන් කර ගත්තෙත් නෑ, සැරින් සැරේට අපිට පරුෂ වචනයෙන් බැණ වැදුනා. පස්‌සේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති වරයා ඇවිත් අපිට කිව්වා, උඹලට ඕන දේ ලියන්න බැහැ, ඕන දෙයක්‌ කරගනින් කියලා, රාජකාරි කරන්නේ උඹල කියන විදියට නෙවෙයි. ඩී.අයි.ජී නෙමෙයි, පොලිස්‌පතිට කිව්වත් අපි බය නෑ කියලා අපිට බැණ වැදුනා. අපි පොලිසියෙ ඉන්නකොට ටයිප් කරන පොලිස්‌ නිලධාරියා තව කෙනෙකුට කිව්වා. මගේ කනට දෙකක්‌ ගහලා එළියට දාන්න කියලා. අපි ගොවිතැන් කරල ජීවත්වන අහිංසක මිනිස්‌සු. පොලිස්‌ කූඩුවටවත් දාලා වහයි කියන බයට අපි පොලිසියෙන් පිට වෙලා ආවා. පොලිසියෙන් පිහිටක්‌ නැති නිසා තමයි මාධ්‍යයට කියන්න හිතුනෙ.
මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ පාසල් ගුරුවරයකු මෙම සිදුවීම සම්බන්ධයෙන් කියා සිටියේ, මෙම පහර දීමට සම්බන්ධ දරුවා මේ වන විට පාසලේ විනය විරෝධී ක්‍රියා කීපයක්‌ කර තිබෙන බවත්, දෙමාපියන් හට විදුහල්පති හරහා පාසලට පැමිණෙන ලෙස කැඳවීම් කළත් ඔවුන් පාසලට නොපැමිණෙන බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කැබිතිගොල්ලෑව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එච්. ඩබ්. කේ. ජයන්ත මහතා ගෙන් විමසීමක්‌ කළ අතර ඒ සම්බන්ධයෙන් ස්‌ථානාධිපතිවරයා මෙසේ පැවසීය. zzමේ සම්බන්ධයෙන් නොවැම්බර් 23 වැනිදා දින වවුනියාව පොලිසියෙන් දැනුම් දීමක්‌ කළා. මේ ළමයා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන්, පසුදාම අපි ඒ ළමයාගේ කටඋත්තරයක්‌ සටහන් කර එවන්න කියලා රෝහල් පොලිසියට දැනුම් දුන්නා. 25 දා රෝහලෙන් පණිවිඩයක්‌ ලැබුණා ඒ ළමයා රෝහලේ සිට ගෙදර ගිය බවට. පස්‌සේ කවුරු හරි 119 අංකයට කතා කරලා කියලා තිබෙනවා 26 වැනිදා දරුවෙකු පහරකෑමට ලක්‌ වෙලා රෝහල් ගත කලා කියලා. 27 වැනි දින පහර දීමට සම්බන්ධ ළමයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා නඩු අංක 1031 යටතේ. උසාවියට ඉදිරිපත් කළ පසුව දරුවාට, වයස අවුරුදු 12 ක්‌ වීම හේතුවෙන් පරිවාසයට යටත් කර ඇප මත දරුවාගේ මවට භාර දෙනු ලැබුවා. පොලිසිය 28 දා දිනයේත් එම පාසලට ගොස්‌, පාසලේ ළමුන්ගෙන් ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරයාගෙන් කට උත්තර ලබා ගත්තා.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka