අදොමුඛයේ අයිස් හංගලා

36 Views
Generic placeholder image

රුපියල් ලක්‍ෂ විස්‌සක්‌ වටිනා අයිස්‌ වර්ගයේ මත් ද්‍රව්‍ය සිය ගුද මාර්ගයේ සඟවාගෙන පැමිණි පුද්ගලයකු පෑලියගොඩ ප්‍රදේශයේදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් 25 දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස්‌ වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක්‌ තිබූ බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

තිස්‌දෙක හැවිරිදි සැකකරු මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹට කාලයක්‌ තිස්‌සේ අයිස්‌ මත්ද්‍රව්‍ය බෙදාහරින බවත්, මත් කුඩු පොලිතින් බටවලට අසුරා ගුද මාර්ගයේ සඟවාගෙන කොළඹට රැගෙන එන බවත් සැකකරු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරියේ පාපොච්චාරණය කොට තිබේ.

සැකකරුගේ ගුද මාර්ගයේ බට දෙකක තිබූ අසුරා තිබූ අයිස්‌ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගය සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සොයාගෙන ඇත. අදාළ සැකකරු මාලිගාකන්ද අංක 05 මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරි එස්‌. කේ. වනිගතුංග මහතාගේ උපදෙස්‌ මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්‌ථානාධිපති කේ. පී. එස්‌. පතිරණ මහතාගේ අධීක්‍ෂණය යටතේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka